මෙම වංචාව පිළිබඳව ඔබ දැනුවත්ද?
👉👉👉 PRO CARE (Pvt) Ltd.
වංචනික කම්පැණියට
ඔබත් / ඔබගේ යාලුවත් අහුවුනාද? අහුවෙන්ට හිතන කෙනෙක්ද?
සරල පිටරට රැකියා ලබාදෙන බව පවසා මොවුන්
පූර්ණ කාලීන හා අර්ධ කාලීන රැකියා අවස්ථා ඇති බව පවසා බදවා ගැනීමේ ගාස්තු ලෙස රු. 2000/= ක මුදලක් සහ
ඔබ තෝරාගන්න රැකියා ක්‍රමයට අනුව, පළමුව Zoom හරහා පාඨමාලා මෙහෙයවමින් Meetin පවත්වන අතර,
පුර්ණ කාලීන අය රු 41,000/=
අර්ධ කාලීන අය රු 21,000/=
වශයෙන් මුදල් තැම්පතුවක් ලබා ගනි.
පාඨමාලා පැවැත්වුවත් මොවුන් පවසන ආකාරයට රැකියා ලබා දෙන්නේ ඔවුන්ගේ සේවා දායක පිරිස (ශ්‍රී ලාංකික ගව සමිපත) ලක්ෂ 5ක් එකතු වුනාට පසුවලු. ලියා පදිංචි වන සැම දෙනාටම කියන්නේ තව සීමිත පිරිසයි බදව ගන්නේ කියලා. (අපාගත වන පච)
හිතපල්ලා
එකෙක්ගෙන් රු. 21000/= ගානේ හරක් ලක්ෂ 5කගෙන් උන් ගන්න ගාණ.
රු 21,000/- x 500,000/- = 12,000,000,000/-
ජොබ් වලට තියෙන්නේ.
ඇඩ් ක්ලික්
ඒ කියන්නේ පිටරට තියන ඇඩ්. මෙහෙ ඉදන් දෙන වෙලාවට ඔන් ඔෆ් කරන්ට. ( මුන් කියන විදියට පිටරට උන් ඇඩ් හැදුවට ලංකාවේ උන් ඔනේ ඔන් ඕෆ් කරන්ට ඒකත් පිටරට play වෙන ඇඩ් ලංකාවේ ඉදන් අපි පාලනය කරන්ට ඕනේ.🤭)
රොබෝ කන්ට්‍රෝලිං
පිටරට හොටෙල් වල කර්මාන්ශාලා වල ඉන්න රොබෝලව ඔන් ඔෆ් කරන්ට තියෙන්නේ. (පිට රට උන්ට රොබෝලා හැදුවට timing system හදාගන්ට බැරිවෙලා. ඒකටත් ලංකාවේ අය ඔනේ)
වැඩ පටන් ගත්තාම මුල් මාසේ වැඩ කරත් නැතත් ගිණුමට සල්ලි එනවලු. අනිත් මාස වල වැඩ කරන විදියට විතරලු ගෙවන්නේ.
පුර්ණ කාලීනය අයට රු. 250,000/-
අර්ධ කාලීන අයට රු. 100,000/- , හෝ ඊට වැඩියි.
රජයේ ලියාපදිංචි කිය කිය කිසිම වෙබ් අඩවියක්වත් නැතිව. අයිතිකාරයන් කවුද කියලවත් නොදන්න, මිනිසුන් මුලා කර කර මුදල් උපයන මෙවැනි ආයතන ගැන කොච්චර ඇහුවත් තව තව මිනිස්සු අහුවෙන එක ගැන කණගාටුයි. තමන් මහන්සියෙන් හොයාගන්න සල්ලිත් මෙවැනි දේ වලට යෙදවීමට කලින් එක වරක් නොව කීප වරක්ම හිතා බලා හොයලා බලලා තීරණය කරන්න.
තව දෙයක් මෙවැනි අය ඉන්නකන් අර ඉහලින් ඉන්න වයෝවෘද්ධ හම්පඩ කැලට සතුටුයි ඉතිං.
Pro Care (Pvt) Ltd.
Foreign Amazing Job
No. 529, Colombo Road,
Pilimathalawa. ...
Comments
Post a Comment